Tuesday, November 24, 2009

සෙලෝලයිඩ් කටුගෙදර - The Museum Cinemaya

සිනමාව ගැන මොනවද අපි දන්නෙ...? ඒක දැන් මේ තියෙන තත්වෙට එන්න කලින් කොහොමද තිබුණෙ කියල හොයල බලල දැන ගන්න කැමති ද?

ගෝර්ඩන් ද සිල්වා
ලංකාවේ පළමුවෙනි සජීවිකරණ ශිල්පියා...
සිනමාවට,කාටූනයට පොඩි කාලේ ඉදලම පෙම් බැන්ද මේ අපූරු මිනිසාගේ අප්‍රතිහත ධෛර්යයේ දොරට වැඩුම තමයි මේ..
The Museum Cinemaya
ගිහින් බලන්න...
දැන් මීටින් එකකට යන්න තියෙනවා ගෙදර ගිහින් ඉතිරි ටික ලියන්නම්...

අතථ්‍ය යථාර්ථය - Virtual Reality - 2

ඇත්තටම මේක ගැන ලියන්න දේවල් ගොඩයි හැබැයි ලියන්න වෙලාවක් තමයි නැත්තේ.. ටික ටික හරි ලියන්නම්..
හම්බ වෙච්ච ලින්ක්ස් ටිකක් දාන්නම්.. ගිහින් බලන්න...

www.newscientist.com

vrlab
www.sciencedaily.com

Friday, November 13, 2009

අතථ්‍ය යථාර්ථය - Virtual Reality

Virtual Reality කියන්නෙ මට පොඩි කාලේ ඉඳල තිබ්බ උණ වලින් එකක්... මගෙ ඊ-මේල් එක virtualpathum වුනෙත් ඒ උණ නිසාම තමයි...
මම Real Reality එකට වඩා Virtual Reality එකට කැමති මොකද කියල නම් මම දන්නෙ නෑ..

මොකක් ද මේ Virtual Reality කියන්නෙ...

පරිගණකය තුළ මවා ගත හැකි යථාර්ථයට සමීපව හෝ සම්පූර්ණයෙන් කල්පිත වූ පසුබිමක්,පරිසරයක් සරලව ලෙස හඳුන්වන්න පුළුවන්... මෙහිදී එම මවාගත් පරිසරයේ ඇති ශබ්ද රූප සියල්ල ඒ අයුරින්ම සජීවීව දැනෙන ලෙස නිර්මාණය කර ඇති අතර පරිගණක වැඩ සටහන් සහ උපකරණ විසින් භාවිතා කරන්නා සම්පූර්ණයෙන්ම වෙනස් වූ පරිසරයක් තුළට රැගෙන යයි..

බොහෝ විට පරිගණක තිරය සහ ත්‍රිමානේක්ෂ දර්ශන ක්‍රම තුළින් ලබාදෙන රූපමය අත්දැකීමක් ලෙස විඳිය හැකි අතර ශබ්ද සහ ස්පර්ශ වලින් සමන්විත වූ උපකරණ ද මේ වන විට නිපදවා ඇත...
නවීන පරිගණක ක්‍රීඩා සහ වෛද්‍ය විද්‍යාත්මක උපකරණ මෙම Virtual Reality සංකල්පය බොහෝවිට යොදා ගන්නා අතර මේවායේදී virtual artifact භාවිතා කිරීමේ හැකියාවද පවතී...

මෙය වර්තමානයේදී ජනප්‍රිය සහ බහුලව යොදා ගන්නා සංකල්පයක් වුවත් මෙහි ආරම්භය ක්‍රි.ව. 1560 තරම් අතීතයට දිව යන්නක් බව පැවසේ... එකල්හි නිර්මාණය කරන ලද පාරදෘෂ්‍ය බිතුසිතුවම් මෙහි මූලික අවදිය බව වර්තමාන පිළිගැනීමයි..

Virtual Reality යන වචනයේ ආරම්භය ලෙස මුලින්ම සඳහන් වනුයේ ප්‍රංශ ජාතික නාට්‍ය රචකයෙකු,කවියෙකු, නළුවෙකු සහ අධ්‍යක්ෂක වරයෙකු වූ Antoine Marie Joseph Artaud (Antonin Artaud) ගේ The Theatre and Its Double (1938) යන කෘතියේ theatre යන වචනය පැහැදිලි කිරීමට භාවිතා කර ඇති "la réalite virtuelle", යන්නයි...

Wednesday, November 11, 2009

Large Hadron Collider විශ්වයේ උපත කෙසේවී ද?

LHC කියන්නෙ මොකක් ද කියල මේ වෙන කොට නම් නවීන විද්‍යා ලෝකෙ මොනවද වෙන්නෙ කියල උනන්දු වෙන ඕනෙම කෙනෙක් දන්නව ඇති...

මම සයන්ස් කාරයෙක් (කොහෙත්ම සයන්ස් කාරයෙක් නෙවෙයි) නොවුනට මේ වගේ දේවල් ගැන නම් ඉතින් උනන්දුයි. LHC එක හදන දවස් වල ඉඳලම ටික ටික විස්තර හොය හොය හිටිය... අන්තිමට 2008 සැප්තැම්බර් 10 වෙනිදා ප්‍රථම ප්‍රෝටෝන කදම්බය සාර්ථකව අත්හදා බැලුවට පස්සෙ ඒකට මොකද වුණේ කියල දැන ගන්නකම් ඉවසුමක් නැතුව හිටියෙ... ලෝකෙ විනශ වෙන්නත් ඉඩ තිබ්බ නිසා.. හික් හික් හික්....

කොහොම වුණත් සැප්තැම්බර් 19 වෙනිදා තාක්ෂණික දෝෂයක් නිසා තාවකාලිකව නවත්තපු නිසා උනන්දුව ටිකක් අඩු වෙලා ගියා...

කොහොම වුණත් Large Hadron Collider කියන්නෙ මෙතෙක් ලෝකයේ හදල තියෙන ලොකුම යන්ත්‍රය විදියට සළකන්න පුළුවන් අතිවිශාල යන්ත්‍රයක්... මූලික අරමුණ තමයි විශ්වය උපත ලැබූ මොහොත විදියට විද්‍යාව සළකන මහා පිපිරුම සිද්ධ වෙච්ච මොහොතේදී තිබූ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කරන එක...

LHC එක ගැන සරල විස්තරයක් මෙන්න...

"Particle physics is the unbelievable in pursuit of the unimaginable. To pinpoint the smallest fragments of the universe you have to build the biggest machine in the world. To recreate the first millionths of a second of creation you have to focus energy on an awesome scale."


The Large Hadron Collider (LHC) is being built in a circular tunnel 27 km in circumference. The tunnel is buried around 50 to 175 m. underground. It straddles the Swiss and French borders on the outskirts of Geneva.

The LHC is designed to collide two counter rotating beams of protons or heavy ions. Proton-proton collisions are foreseen at an energy of 7 TeV per beam.

* The beams move around the LHC ring inside a continuous vacuum guided by magnets.
* The magnets are superconducting and are cooled by a huge cryogenics system. The cables conduct current without resistance in their superconducting state.

* The beams will be stored at high energy for hours. During this time collisions take place inside the four main LHC experiments.


වැඩි විස්තර වලට යන්න

අගෝස්තුවෙන් පසු...

අගෝස්තු 4 වෙනිදට පස්සෙ මොනව හරි ලියන්න හිතුණා..
හතර වෙනිදා ලිව්වේ ජීවීතේ තීරණාත්මක කඩ ඉමක ඉන්න අතරේ...
මේ වෙනකොට හැම දේම හොඳින් විසඳිලා නිසා ආයෙත් සුපුරුදු ජීවිතේට එන්න පුළුවන් වුණා..
පහුගිය දවස් ටිකේ ඉගෙන ගත්ත පාඩම් නම් අනන්තයි...
මේක මට විතරක් සිද්ද වෙන දෙයක් නෙවෙයි අපි හැමෝටම ජීවිතේ කවද හරි මේ වගේ කාල සීමාවන් පහු කරන්න වෙනවා...
කොහොම වුණත් ආයෙත් හිත සතුටින්... සැහැල්ලුවෙන්...

ම්ම්ම්ම්
හොඳ දෙයක් ගැන හිතල ඊළඟ පෝස්ට් එක දාන්නම්...

Tuesday, August 04, 2009

ජීවිතේ කවියක්...

මම ඉන්නෙ සතුටින් ද දුකින් ද කියල හිතාගන්න බෑ...
ඇයි මෙහෙම වෙන්නෙ කියන එක ගැන හිතල බලලම ඇති වෙලා තියෙන්නෙ...
වෙන දේට මුහුණ දෙන්න තීරණේ කළා ඉතින් අන්තිමට... හැමදාම කරනව වගේ...

ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස් කිහිපයයි... ලොකූ දුකක් දැනුන දවස් කිහිපයයි පහුගිය සති කිහිපයේදී ගෙවා දැම්මා... (වැඩියෙන්ම දුක් වෙච්ච දවස් නම් ගෙවල ඉවර වෙලා මේ වෙනකොට අවුරුදු 7ක් විතර...)
හැබැයි වැඩියෙන්ම සතුටු වෙච්ච දවස් නම් පහුගිය ටිකේ තිබුණා කියල කියන්න පුළුවන්...

වෙච්ච දේ නම් කියන්න බෑ...

නමුත් අන්තිමට හැමදේම හොඳින් ඉවර වුණා කියල කියන්න පුළුවන්...
හැමදේම හොඳින් ඉවර වෙන්නෙ හැමෝම සතුටු වුණහම ද කියල නම් ඉතින් මම දන්නෙ නෑ... නමුත් අනුන්ගේ සතුට වෙනුවෙන් සමහර දේවල් හොඳින් ඉවර කරන්න පුළුවන්... කරන්න තියෙන්නෙ අපේ හිත පොඩ්ඩක් හදා ගන්න එක විතරයි...

කෙනෙකුගේ සතුට වෙනුවෙන් තවත් කෙනෙකුට දුකක් දෙන්න වෙන එක දරාගන්න හරිම අමාරු දෙයක්...
නමුත් ඇත්තටම ම කරන්න ඕනේ මොනවද කියල හරියට තේරුම් ගත්තහම හිත ටිකක් හදා ගන්න පුළුවන්...

අපි හැමදාම අපිට ඕනේ දේ ලැබෙන කම් ආසාවෙන් බලා ඉන්නවා...ඒ දේ කවදා හරි හිතාගන්න බැරි විදියට,බොහෝම ලස්සන විදියට, ඔය ෆිල්ම් වල තියෙන හරී රොමෑන්ටික් විදියට අපි ලඟට ආවහම... අපිට ඒක අයිති කරගන්න බැරි වෙන එක....අනේ මන්ද...

ලැබුණු දේ අයිති කරගන්නම ඕනේ නෑ නෙ සතුටු වෙන්න... හැමදාම හොයපු දේ ලැබුණනේ කියල සතුටු වෙන්න හිත හදා ගත්තා...

අනිත් එක ජීවිතේ කියන්නෙ අපි හොයන දේම ලබා ගෙන සතුටු වෙන එක නෙවෙයි... ලැබිල තියෙන දේ තියෙන සතුට හොයා ගන්න එක... ඒකත් හරීම රොමෑන්ටික් විදියට කරන්න පුළුවන්...(ටිකක් අමාරුයි තමයි...)

ජීවිතේ කවියක්...
ආදරය එහි සොඳුරුතම වදනක්...
කඳුළැලි බිඳක්...හසරැළි පොදක්...
එකට එක් වූ විට දැනේවී...
පෙර නොවිඳි රසයක්...

Saturday, March 21, 2009

මගේ ගැටළුව...

ආදරයේ තර්කය පිළිගන්න ද?
බුද්ධියේ තර්කය පිළිගන්න ද?

Thursday, February 19, 2009

අන්තර්ජාලය ජයගත් මිනිසුන්...

අන්තර්ජාලයට සහ ලෝකයට දැනෙන වැඩක් කළ මිනිසුන් ගැන කෙටියෙන් සඳහන් වෙච්ච සයිට් එකක් හම්බවුණා

අපෙන් ලෝකයට,අන්තර්ජාලයට යන දේවල් (තොරතුරු හැර) අඩුවෙන්න හේතුව මොකක් ද කියල හිතුණා.. තාක්ෂණයේ අඩුපාඩු ද? දැනුමේ අඩුපාඩු ද? නැත්නම් නිර්මාණශිලීත්වයේ අඩුවක් ද....
හැබැයි ලෝකයේ සාක්ෂරතාවය සහ බුද්ධිමට්ටම අතින් ගත්තහම අපි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියලයි කියන්නෙ...
මම මේ අදහස් කළේ ලෝකය වෙනස් කරන මට්ටමේ දේවල් අපෙන් බිහිනොවන්න හේතුව... නැතුව අපෙන් මොකුත් ගිහින් නෑ කියන එක නෙවෙයි...

Thursday, February 12, 2009

අධිවේගි වීඩීයෝකරණය...

නිකන් ඉන්න වෙලාවට StumbleUpon එකෙන් සයිට් බ්‍රව්ස් කරන එක හරි ජොලි වැඩේ...
මේ දැන් හම්බ වුණ එකක් ගැන බොලොග් එකක් ලියන්න හිතුණා... මොකුත් නොලියා හිටියොත් සින්ඩියෙන් අතුගාලා දාන්නත් ඉඩ තියෙනවනේ.. :)

අධිවේගී ඡායාරූපකරණය සහ වීඩියෝකරණය ගැන හොය හොයා ඉන්න වෙලාවක තමයි මේක හම්බ වුණේ... අපූරු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා...

Monday, January 26, 2009

කලා පොල...












කලා පොල...

කාලයක් තිස්සෙ පෙරුම් පුරලා ඔන්න මේ සැරේ ගියා කලා පොලට...
ගිය සැරෙත් යන්න බැරි වුණා
ගිය සිකුරාදා වෙලාවට පිත්තල හන්දියෙ ගහල තිබුණු බැනර් එක දැක්ක... නැත්නම් මේ සැරැත් මඟ ඇරෙනවා..

හික් බැනර් එක බලන්න ගිහින් ත්‍රී විලර් එකක හැප්පිලා රුපියල් 2000කුත් වන්දි ගෙවන්න වුණා... පිටිපස්සෙන් ගිහින් ඇන්නම ඉතින් වරද මගේ නේ...

මම ඉතින් week end එකක කොළඹ පැත්තෙ ගියොත් ග්‍රීන් පාත් එකේ විකුණන්න තියෙන චිත්‍ර ටික නොබල එන්නෙ බොහොම කලා තුරකින්... පොඩි කාලේ ඉඳලම තියෙනව මට හෙන උණක්...හැකියාවත් පොඩ්ඩක් විතර තියෙනවා හැබැයි දැන් නම් මතක ඇති කාලෙකින් චිත්‍රයක් ඇන්දේ නෑ...

ආහ්... අක්කලගෙ ගෙදර බිත්තයෙ එකක් ඇන්ද අන්තිමට.. හික් හික්.. පොඩි වුන් දෙන්න බිත්ති කුරුටු ගාන එකෙන් පොඩි චාන්ස් එකක් අරන් මමත් ඇන්ද එකක්...

නියම විත්‍ර ටිකක් තිබුණා... හැබැයි ගාන නම් වැඩියි... සාමාන්‍ය ගානට වඩා හරියටම දෙගුණයක් වැඩියි කියල කියන්න පුළුවන්...

අවුරුද්දකට එක සැරයක් එන නිසා වෙන්න ඇති ගාන ටිකක් වැඩි...

මමත් ඉතින් හැමදාම වගේ අම්මගෙන් බැනුම් ඇහුවත් අදත් පොඩි වෝල් හැඟින්ස් 2ක් ගෙනාව..

කැන්වස් එකකුත් අරගෙන ආවා නිකමට වගේ එකක් ඇඳල බලන්න... හික් හික්...

ගත්ත ෆොටෝ ටිකක් තියෙනවා... දැන් නිදි මතයි හෙට දාන්නම්....

Wednesday, January 21, 2009

Virtual Barber Shop

කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හොඳයි කියල හිතුණ දෙයක් හම්බ වුණා...
මට මේක හම්බ වුණේ මගේ යාළුවෙකුගෙන්...
මුලින්ම අහපු වෙලාවේ නිකන් පිස්සු හැදුණා වගේ...
අහන හැම වෙලාවෙම දැනෙන දේ ගැන කියනවට වඩා අහලම බලන එක වටිනවා..

මෙතනින් ගන්න පුළුවන්...

මම මුලින්ම ඇහුවේ මගේ ෆෝන් එකෙ හෑන්ඩ්ස් ෆ්‍රී එකෙන්... හෙඩ්ෆෝන් එකක් නැතුව අහල වැඩක් නෑ...

මේකේ තාක්ෂණික පැත්ත ගැනත් හොයල බැලුවා.. සැබැවින්ම කොච්චර දියුණු ලෝකයක් ද කියල හිතෙනවා... හැබැයි උපතින් අපට ලැබුණු හැකියාව ගැන ඊට වඩා පුදුම හිතෙනවා...

Cetera algorithm එක ගැන මම ලියනවට වඩා මේක කියවන එක හොඳයි...


Starkey’s Cetera technology

Starkey’s Cetera technology makes the hearing aid “invisible” to the brain. Cetera removes the barrier between sound and the brain’s ability to process signals. The Cetera technology is based on an innovative new algorithm- the complex mathematical formula that drives a hearing aid. Cetera’s algorithm can match the exact characteristics of the wearer’s ear. This customization removes the barrier that most hearing aids erect between the incoming sound waves and the data sent to the brain for processing.

මේකත් බලන්න

Binaural Recording ගැන මෙතන විස්තර තියෙනවා...

Saturday, November 22, 2008

මචං


ඊයෙ රෑ මචං බැලුවා..
කාලෙකට පස්සෙ සිංහල ෆිල්ම් එකක් බලල හොඳ ෆන් එකක් ගත්තා.. අපරාදෙ කියන්න බෑ උබර්තෝ පැසෝලීනි වැඩේ හොඳට කරල තියෙනවා... අපේ කට්ටියගෙ රංගනයත් ඉතින් එලම තමා..

අපේ රටේ බහුතරයකට තියෙන අසරණ කම හොඳට පේනවා... අපේ කොල්ලො ටිකක් කරපු වීර ක්‍රියාවක් ද අමන ක්‍රියාවක් ද කියල තීරණය කරන එක ඉතින් බලන කෙනාට බාරයි... මට නම් හිතුණේ අසරණ කමේ එක් අන්තයක් කියල... රට ගැන හිතන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙ නෙ...

දේශපාලකයාගේ දොඩම් කෑම, ලෝක දේශපාලනයම ඒ තත්පර කිහිපය තුළ තිබුණා කියලයි මට නම් හිතුණේ...
මහේන්ද්‍රගේ සුද්ද සිංහල, කියන්න වචන නෑ... ෆන් මැක්ස්...
අනිත් හැම තැනම අපේ අහිංසකයින්ගෙ අසරණ කම තමා...

ගිහිල්ල බලන්න... බැලුවට පාඩු නෑ..

පිංතූරේ කොපි කලේ
මෙතනින්

Friday, October 10, 2008

වෙබ් බ්‍රව්සර්....

මුහුදු වඳුරා සමඟ..


නිකන් ඉන්න එකේ SeaMonkey දාල බැලුවා...
උදේ වරුවම අළුත් xAurora එක්ක සෙල්ලං කර කර හිටියා...
අන්තිමට බ්‍රව්සර් ගැන බ්ලොග් එකක් ලියන්න හිතුණා...

මේක මේ SeaMonkey එකෙ ඇඩොන් එකක් පාවිච්චි කරල ලියපු test blog එකක්, මැකුවට වැඩක් නැති නිසා (සින්ඩිකේටරයෙන් හැංඟෙන්න බෑනේ.. :) ) වැඩක් ඇති දෙයක් ලියන්න හිතුණා..

මම අයි.ඊ බාවිතය නතර කළේ මීට වසර 2-3කට කලින්...
ඊට පස්සෙ දිගටම ෆයර් ෆොක්ස් තමයි..
ගූග්ල් ක්‍රොම් ඒක ආව දවසෙ ඉඳල ඉතින් ක්‍රොම් තමයි
ඔෆිස් එකේ ක්‍රොම් හරි ගියේ නෑ.. මම හිතන්නෙ Service Pack 3 වල අවුලක් වෙන්න ඇති ඒ නිසා ඔෆිස් එකේ ෆයර් ෆොක්ස් ගෙදර නම් ඉතින් ක්‍රොම්...

ඊයෙ xAurora ගැන දැන ගත්තට පස්සෙ ඒක දාල බැලුවා.. අද දවල් වෙනකොට ඒක එපා වුණා.. ඒකෙ බොහෝ දේ තියෙනවා නමුත් ඕනැවට වඩා දේවල් වැඩි වුණහමත් හරි නෑ වගේ... ඇත්තටම බ්‍රව්සරයකින් කෙරෙන්න ඕනේ ප්‍රධානම දේ හරියට කරන එක අනිත් හැම දේටම වඩා වැදගත් කියල මට හිතුණා...

ඒක තවම අත්හදා බැලීමේ පවතින අපේ ශ්‍රී ලාංකික නිර්මාණයක් නිසා අගේ කළ යුතු වුණත් හිත ඇදිල යන්නේ සරලව වැඩේ කරල දෙන ෆයර් ෆොක්ස්ටයි ක්‍රොම්ටයි තමයි...

නිකන් ඉන්න එකේ SeaMonkey දාල බැලුව ඊට පස්සෙ

ඒකත් ඉතින් ෆයර් ෆොක්ස් වගේම තමයි කියල හිතුණා පොඩි පොඩි වෙනස් කම් තිබුණට

ගෙදර යන්න වෙලාව හරි ඉතිරි ටික පස්සෙ ලියන්නම්..

Wednesday, October 08, 2008

Jasper Reports

සෑහෙන කට්ටක් කාලා java වලින් Jasper Reports වලට call කරන විදිය හොයා ගත්තා... ඇත්තටම පොඩි scene එකක් නමුත් හොයා ගන්න වෙලා ගියා..

කරපු විදිය මෙහෙමයි..
Reports හදන්න පාචිච්චි කළේ iReport 3.1.1
Jasper Reports හදන විදිය ගැනත් වෙනම ලියල දාන්නම්..
දැනට හදා ගත්ත Report එකක් java වලින් බලා ගන්න විදිය කියන්නම්...

මේ තියෙන්නෙ සම්පූර්ණ java code එක

package jasper;

import java.sql.Connection;
import java.sql.DriverManager;
import java.sql.SQLException;
import java.util.HashMap;
import java.util.logging.Level;
import java.util.logging.Logger;
import net.sf.jasperreports.engine.JRException;
import net.sf.jasperreports.engine.JasperCompileManager;
import net.sf.jasperreports.engine.JasperFillManager;
import net.sf.jasperreports.engine.JasperPrint;
import net.sf.jasperreports.engine.JasperReport;
import net.sf.jasperreports.view.JasperViewer;


public class JasperTest {
JasperReport jasperReport;
JasperPrint jasperPrint;

public static Connection establishConnection() {
Connection connection = null;
try {
Class.forName("oracle.jdbc.driver.OracleDriver");
String oracleURL = "jdbc:oracle:thin:@host:port:sid";
connection=DriverManager.getConnection(oracleURL,"username",
"password");
connection.setAutoCommit(false);
} catch (ClassNotFoundException ex) {
Logger.getLogger(JasperTest.class.getName()).log(Level.SEVERE, null, ex);
} catch (SQLException exception) {
exception.printStackTrace();
}
return connection;

}
public void testReport(){
try {
Connection connection = establishConnection();
HashMap jasperParameter = new HashMap();
jasperReport = JasperCompileManager.compileReport("C:\\test.jrxml");
jasperPrint = JasperFillManager.fillReport(jasperReport,jasperParameter, connection);
JasperViewer.viewReport(jasperPrint);
} catch (JRException ex) {
Logger.getLogger(JasperTest.class.getName()).log(Level.SEVERE, null, ex);
}

}
public static void main(String args[]){
new JasperTest().testReport();
}
}

මේ විදියට code එක ලියල
NetBeans Project එකේ libraries ටික මේ විදියට set කරන්න

jasperreports-3.1.0.jar
commons-beanutils-1.7.jar
commons-collections-2.1.jar
commons-digester-1.7.jar
commons-logging-1.0.2.jar
iText-2.1.3.jar
jdt-compiler-3.1.1.jar
ojdbc14.jar

මේකෙ වැදගත්ම දේ තමයි iReport libs වල තියෙන jasperreports.jar (jasperreports-3.1.0.jar) version එක අපේ Project libraries වලත් තියෙන්නෙ ඕනෙ. අනිත් එක තමයි jdt-compiler.jar (jdt-compiler-3.1.1.jar) version එකත්
iReport සහ අපේ Project libraries වල සමාන වෙන්න ඕනේ.

Netbeans 6.X වලට එන Jasper Report plugin එක පාවිච්චි කරලත් ලේසියෙන්ම Reports හදන්න පුළුවන්..

යාළුවෙකුගෙ වැඩකට උදව්වක් විදියට විස්තර හොයල තමයි මේ දේවල් ටික හොයා ගත්තේ

වැඩි විස්තර පස්සෙ ලියන්නම්...

මේ link එක ගොඩක් උදව් වුණා වැරදි හොයා ගන්න.


jdt-compiler-3.1.1.jar එක ගත්තෙ මේ
link එකෙන්

මේකෙත් කරන විදිය ගැන විස්තර තියෙනවා..
http://www.cise.ufl.edu/~otopsaka/CIS4301/ReportDemo/ReportFromJava.html


කව්රු හරි වැඩි විස්තර දන්නවනම් ලියන්න...

Wednesday, October 01, 2008

Eyes Wide Shut

නියම ෆිල්ම් එකක් කියල බය නැතුව කියන්න පුළුවන් මේකට නම්
කතාව හරියට තේරුම් ගන්න පුළුවන්නම් ගැහැණු පිරිමි අපි කවුරුත් හිත්වල පුරවගෙන ඉන්න
විචිකිච්චාවන් ගැන දෙපාරක් හිතල බලන්න හිතෙයි

මම ස්ටැන්ලි කියුබ්‍රික් ගෙ ෆිල්ම්ස් ගැන හොය හොය ඉන්න වෙලාවක තමයි මේක හම්බ වුණේ... ඔහු
කොතරම් දක්ෂ සිනමා කරුවෙක් ද යන්න නියමෙට පැහැදිලි වෙනවා..
ඒ වගේම අපේ හිත්වල සුද්ද කරගන්න බොහෝ දේ තියෙනව කියලත් මට නම් මේක බැලුවහම හිතුණා.
පවුලේ සැමට එකට නම් බලන්න බෑ... හැබැයි හොරෙන් හොරෙන් වෙන වෙනම හරි බලන්න වටිනවා

නෝනටයි මහත්තයටයි එකට ඉඳන් බලන්න කියල බය නැතුව කියන්න පුළුවන්...

වෙලාවට මම නම් තාම බැඳල නෑ...

Stanley Kubrick

Eyes Wide Shut

මහල්ලා සහ මහ මුහුද

අද වරුවක් නිවාඩු දාල ගෙදර ඇවිත් මහල්ලා සහ මහ මුහුද පොත කියෙව්වා.. දැන් ටිකකට කලින් තමයි කියවල ඉවර වුණේ..
අර්නස්ට් හෙමිංග්වේට නොබෙල් ත්‍යාගය ලබාගන්න හේතු වෙච්ච පොත මේක...
කියවල බලන්න වටින පොතක්
මිනිසෙකුගෙ ධෛර්‍යය, උත්සාහය, කලකිරීම, පරාජය,ආදරය, සරලත්වය, මිත්‍රත්වය,කෝපය ආදි සෑම සිතිවිල්ලකම නියම ස්භාවය අපූරුවට කැටිවුණු පොතක් විදියට තමයි මට නම් ඒක ගැන හිතුනේ...
මාළුවෙක් සහ මිනිසෙක්... අපූරු ගැලපීමක් මතුවෙන ආකාරයට කතාව ගොඩ නඟල තියෙනවා
84 පාරක් අසාර්ථකව මුහුදු ගිය මහල්ලෙක් 85 වෙනි වතාව දැඩි උත්සාහයකින් යුතුව සාර්ථක කරගෙන අවසානයේ පරාජය වීමත් එම පරාජය සැහැල්ලුවෙන් යුතුව විඳ දරා ගන්නා ආකාරය ඉතාමත් නිර්මාණශීලී හා අපූරු ආකාරයකට ලියල තියෙනවා
යටින් දිවෙන හාස්‍යයකුත් මට දැනුණා...
ඉක්මනට නාකි වෙන්න හිතුණා මටත්..

මේ සැරේ පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහින් ගෙනාව පොත් වලින් එකක්..
දවස පුරා කොම්පියුටරෙයි,ජාලෙයි,ඉංග්‍රීසියි අස්සෙ හිරවෙලා ඉන්න එකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න පොත් කියන්නෙ නියම බෙහෙතක්

මිදුලෙන් පුටුවක් තියල තව පුටුවක කකුල් දෙක තියාගෙන ගහක් කොලක් දිහා බලාගෙන, කුරුල්ලෙකුගෙ සද්දයක් අහගෙන පොතක් කියවන එක මටනම් තාම මේ ඔක්කොටොම වැඩිය ආතල්...

අර්නස්ට් හෙමිංග්වේ

මහල්ලා සහ මහ මුහුද

Tuesday, September 30, 2008

අපේ ප්‍රශ්න...

ජීවිතේ අපිට තියෙන ප්‍රශ්න, ප්‍රශ්න ද කියල හිතෙනව සමහර වෙලාවට...
අපි බොහෝ දෙනෙක් කණගාටු වෙන්නෙ හොඳම දේ නොලැබීම නිසා...
අවශ්‍ය දේ ඕනෑවටත් වඩා තියෙද්දි අපි කණගාටු වෙන එක මහා විහිළුවක් වගේ...

ජීවිත කාලයෙන් භාගයක් අපරාධ කරපු, තක්කඩි කම් කරපු, වංචාවෙන් තර්ජනයෙන් සැප විඳපු
බොහෝම නිර්භීත මනුස්සයෙක් තමන් කළ කී දෑ ගැන පසු තැවෙන කොට... තමන් අතින් වැරදි සිද්ද වුණු මිනිස්සුන්ට
හද පත්ලෙන්ම අනුකම්පා කරනකොට... තමන්ට තලා පෙළා තමාව මුලා කොට දුසිරිතෙහි යොදවපු මිනිසුන්ට හදවතින්ම මෛත්‍රී කරනව දකිනකොට හිතෙනව...
අනේ අපේ හිත්වල තියෙන දුක් මොනවද කියල...

අංගුලිමාල කතාවෙ මොඩර්න් වර්ෂන් එකක් වගේ... ඒ මනුස්සයගෙ ඇස්වල තිබුණු සතුට... හිනාවෙ තිබුණ අවංක කම...

සර්.. මට මිනිහෙක් ගෙ බෙල්ල කපන එක මහ ලොකු දෙයක් නෙවෙයි... ඔහු එහෙම කිව්වා...අපි ඔක්කොටම ඇහෙන්න... ඒ තරම් දරුණු හිතක් තිබුණු මනුස්සයෙක්.. ඒ තරම් දරුණු හිතක්
ලෝකෙටම මෛත්‍රී කරන්න පටන් අරන්... අවංකවම...

මේක මම හිතපු දෙයක් නෙවෙයි ඇත්තටම ඇසින් දැක කනින් ඇසූ දෙයක්... ඒ වගේ මිනිස්සු අපි අතර ඕනෙ තරම් ඉන්නවා..

.................................................................................

කොල්ලුපිටිය හන්දියට ගිහින් තියෙන ඕනෙම කෙනෙක් හන්දියෙ තියෙන කොට්ටන් ගහ යට ඉන්න අන්ධ හිඟන්නිව දැකල ඇති... අද යාළුවෙකුගෙ ෆස්ට් සැලරි ට්‍රීට් එකට කේක් ගේන්න හන්දියට එනකොට අර හිඟන්නිගෙ හස්බන්ඩ් ඒ අන්ධ හිඟන්නිටයි එයාගෙ පුතාටයි බත් කවනවා... පාර අයිනෙ මුල්ලකට වෙලා වටේ යන එන හෙන බිසී මිනිස්සුට පෙනි පෙනී ඒ මනුස්සය කාගෙන් හරි පිනට හම්බ වෙච්ච බත් එක හොඳට අනල බොහෝම ආදරෙන් අර අසරණීට කවනවා.. පොඩි එකත්.. පොඩි කිව්වට අවුරුදු 10ක් 11ක් විතර ඇති.. එහාට මෙහාට කැරකි කැරකි තාත්තගෙ අතින් බත් කනවා...

අද මේ දෙවෙනි දවස මම මේ ලස්සන scene එක දැකපු... කලින් දවසෙ ඒ මිනිස්සු දවල්ට කකා හිටියෙ පාන්.. එදා නම් මම බත් එකක් අරන් දුන්න.. පොඩි එකා අසරණ බැල්මක් දාල බත් එක අතට ගත්තා.......

මමයි යාළුවයි ඉතින් කේක් අරන් ගියා... කේක් කෑල්ලක් නොකෑවොත් අපේ ෆන් ලයිෆ් එකට නිකන් මදි මදි වගේනෙ...

Wednesday, September 24, 2008

නොලැබීම සහ ලැබීම...

ජීවිතේ ගැන ගොඩක් අය ගොඩක් දේවල් කියල තියෙනව... ඒ හැම එකකම ලොකූ ඇත්තක් තියෙනවා... කෙනෙක් ජීවිතේ ගැන මොනව හරි දෙයක් කියන්නෙ බොහෝ වෙලාවට තමන් ලබපු අත්දැකීමක් නිසා ලත් අවබෝධයක් නිසා කියලයි මම හිතන්නෙ...

අපිටත් කවද හරි එවැනි අත්දැකීමක් ලැබුණු වෙලාවට කවුරුන් විසින් හෝ පවසා ඇති ඒ අදහස් කොච්චර ඇත්තද කියල තේරෙනව... ගොඩක් වෙලාවට අපි කරන්නෙ අපිට අත්දැකීම ලැබෙනකම් අනුන්ගේ අදහස් ගැන එතරම් ගැඹුරට හිතන්නෙ නැති එක... බොහෝ වෙලාවට අපිට අවශ්‍ය දේ ජීවිතය අපට ලබා දෙනවා නමුත් අපි ඒ දේවල ඒ විදියට බාර ගන්න කැමති නෑ... අපි විසින් සහ සමාජය විසින් අප තුළ ඇති කරල තියෙන සම්මුතීන් වලට ගැලපෙන විදියට ඒ දේ ලැබෙනකම් අපි බලාගෙන ඉන්නවා... ඇත්තටම නම් ජීවිතේ අපිට ලබා දෙන දේ බාර අරගෙන සතුටු වෙන එක තරම් ජීවිතේ විඳින්න පුළුවන් දෙයක් තවත් නැහැ... හැබැයි ඒක කරන එක බොහෝම අමාරු වැඩක්...

ලබා දෙන හැම දේම ඒ විදියටම බාර ගන්න එක නොවෙයි මම හිතන්නෙ අපි කරන්න ඕනේ ඒ දේ අවබෝධයෙන් යුතුව භාර ගන්න එක. අකමැති දේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියකුත් අපිට තියෙනවා...ලැබෙන දේ අපි ආසම දේ නොවෙන්න පුළුවන් හැබැයි ආසම දේ ලබා ගන්න උත්සාහ කරන්නෙ නැතුව ලැබෙන දේ අවබෝධයෙන් යුතුව බාර ගත්තොත් ජීවිතේ අපි හැමදාම හොයපු සතුට එයින් ලබා ගන්න පුළුවන් වෙයි...

ටිකක් හිතල බැලුවොත් මේ ලෝකෙ සැබැවින්ම සතුටින් ඉන්න මිනිස්සු ඒ වගේ අය... සැබෑ සතුට කියන්නෙ සම්මුතීන්ගෙන තොර වූ සතුට...

කියන්න ලේසියි කරන්න තමයි බැරි... මටත් වෙලා තියෙන්න ඒක..

මම මේ ලිව්වෙ මට හිතෙන දේ... මම මේව ගැන හිතන්න හේතු වුණේ කල්‍යාණ මිත්‍ර ඇසුර වෙන්න ඇති...

මේ තියෙන්නෙ එතුමාගේ ලිපිනය...

Holistic Living

ගිහින් බලන්න... බොහෝම සාමාන්‍ය මනුෂ්‍යයයෙක් නමුත් ජීවිත අවබෝධය නම් බොහෝම උසස්...

Thursday, August 14, 2008

හ්ම්ම්...

මට මොනවද වෙලා තියෙන්නෙ කියල මට වත් ෂුවර් නැතුව ඉන්නෙ මේ දවස් වල... බ්ලොග් එකක මොකුත් ලිව්වෙ නෑ මතක ඇති කාලෙකින්... ලියන්න දේවල් ගොඩක් තිබුණත් ලියල වැඩක් නෑ කියල හිතෙනවා...
කොහොම වුණත් හෙට අනිද්දම ආයෙත් ලියන්න පටන් ගන්න ඕනේ...
පහුගිය දවස් ටිකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ජීවිතේ ගැන...

Thursday, June 21, 2007

ජීවිතය ඉගැනීම.....

ජීවිතයේ සැබෑ අරුත වටහා ගන්න ට අප සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි මට සිතේ.. එම අරුත නියමාකාරයෙන් වටහා ගත්තවුන් ගේ ඇසුර ලබන්නට අප කළ කුසල් මදි වීදෝයි විටෙක සිතේ.. ඔහේ ගලා යන ජීවිත ගමනේ සහකාරිය සොයා යන අතර මඟදී එම සත්‍යයට ළඟාවීමට දොරටුවක් විවර වනු ඇතැයි කිසි දිනෙක නොසිතුවෙමි.

මිය ගිය තම එකම සොයුරා පිළිබඳව දුක් බරව සිටි එක් තරුණයෙක් නන්නාඳුනන්නෙකුගෙ මරණයක් දැක ජීවිතයේ යතාර්ථය නොව සත්‍යය අවබෝධ කළේය.

මේ ඔහුගේ ජීවන දර්ශනයයි...
http://www.kfa.org/