Thursday, June 19, 2014

චූටි එකා,පොඩි එකා ලොකු එකා සහ වෙද බාප්පා සමග

චූටි එකා හොඳ එකා සද්ද බද්ද නෑ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා. ලොකු එකත් අවුලක් නෑ ඌත් වැඩි සද්දයක් නෑ.. චූටි එකාටයි ලොකු එකාටයි දෙන්නටම හරි යන්න ඉන්නවා පොඩි එකා.. මොන නැකතක උපන් එකෙක් ද මන්ද හන්දියේ ලවුස් පීකරේ බැන්ද වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් කෑ ගහනව කෑ ගහනවා ඉවරයක් නෑ..

වෙද බාප්පා ගේ වැඩ ඔක්කොම හීන් නුලෙන් තමයි. සද්දෙට වැඩ නෑ හැබැයි ඉතින් කරන මෙලෝ මගුලක් අපි දන්නෙත් නෑ.

තුන් දෙනාගේ සයිස් එකත් නමටම හරි යනවා. චූටි එකාට මොන්ටිසෝරි ලුක් එකක් තියෙන්නේ. අඩි 4ක් විතර උස ඇති. ඈතට දකින කොට ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ. ලොකු එකා සයිස් එකෙන් ලොකුයි. චීන ඌරු ටයිප් එක. හදිස්සියකට කිලෝ 2ක් 3ක් කපා ගන්න ඇඟේ මස් තියෙනවා. පොඩි එකා නමටම හරි යන්න අරුන් දෙන්නගේ මැද සයිස් එක. කෙට්ටු පැත්තට වැඩියි චූටි එකාට වඩා උස පොඩ්ඩක් වැඩියි.

අපරාදේ කියන්න බෑ 3 දෙනාම ඇවිදිනකොට වයින් කරපු රොබෝල වගේ තමයි.

පුදුමේ කියන්නේ මුන් තුන් දෙනාගේ වයස ගත්තම චූටි එකා ඔක්කොටම වඩා වයසින් වැඩියි. හරියට අර බෙන්ජමින් බට්න්ගේ සීන් එක වගේ. ලොකු එකා තමයි වයසින් බාලයා. පොඩි එකා මැද.

මුන් 3න් දෙනත් එක්ක සමාගමට වැටිලා දැන් අවුරුද්දක් වුණා. ලොකු එකා බැඳලා බබෙක් ඉන්නවා (ඒක දැන ගත්තෙත් ඌ පිතෘ නිවාඩු ගත්ත නිසා). අනිත් උන් දෙන්නා ගැන ඉතින් දන්නේ අපේ හිතළු තමයි. ෂුවර් එකට බැඳලා නම් ඇති.

වැඩ අතින්  ගත්තම ලොකු එකා සද්ද බද්ද නෑ වැඩ. චූටි එකත් වැඩ කරු හැබැයි වැඩි කතා නෑ. ඉඳල හිටලා පොඩි එකත් එක්ක වලි වලට පැටලෙනවා විතරයි (අන්තිමට ඌම සද්දේ වහ ගන්නවා ඉතින් ). අපරාදේ කියන්න බෑ මැනින් මාර්කට් එකට පොළ දවසේ ගියා වගේ පොඩි එකා ආපු ගමන් හතර වටේ දෙදරන්න සද්දේ. ඒ කියන්නේ ඌට තියෙන්නේ ඉන්බිල්ට් ආපු අවුලක්. වොලියුම් කොන්ට්‍රෝල් එක අඩුම කලත් සද්දේ වැඩියි. හරියට බාල චයිනිස් ගැජට් එකක් වගේ. පොඩි එකාගෙත් වැඩ හොඳයි. ඒ කියන්නේ හොඳින් හරි නරකින් හරි ඌට ඕනේ වැඩේ කරගන්න දන්නවා. අනිත් එක බාගෙට වැඩ නෑ. (ඉඳල හිටලා ඇන ගත්තට ගානට සද්දේ දාල බැලන්ස් කරන්න ඌ දන්නවා)

පොඩි එකා නැති දාට පන්සල වගේ තියෙන තැන ඌ ආපු ගමන් මාළු මාකට් එක වගේ.

වෙද බාප්පාගේ කටයුතු ලොකු එකා එක්ක විතරයි.  බාප්පට  අපි ගැන වගක් නෑ.. (වගක් නැතුව වගේ හිටියට ඔක්කොම නිවුස් ටික පොරගේ ඇන්ටෙනාවට වදිනවා)

මුන් 3න් දෙනයි තව නිකන් පතෝල වගේ (ඒ කියන්නේ ගුණත් නෑ අගුනත් නෑ වගේ/ හිටියත් නෑ වගේ) මැලේ ඩයල් එකකුයි එක්ක අපි 4 දෙනා දැන් අවුරුද්දක් ගෙව්වා. සංසාරේ කියල හිතෙනවා අප්පා. අන්තිමට කරලා තියෙන්නේ චීන ආතල් බල බල හිටපු එක විතරයි වගේ තමයි.

කොච්චර සද්දේ දැම්මත් පොඩි එකත් එක්ක වැඩ කරන එකෙන් අපිට සැහෙන දේවල ඉගෙන ගන්න පුළුවන්. උන් මේ ටෙක්නිකල් අන්සෙන් සෑහෙන්න කරුණු කාරණා දන්නවා. ඒ වගේම උන් කම්මැලි නැතුව පොත පත කියවල විස්තර හොයනවා. දෙයක් හරි විදියට එහෙම නැත්නම් කරන්න පුළුවන් හරිම විදියට හෝ පුළුවන් තරම් ඒ ආසන්නයෙන් යන විදියට කරන්න උන් හැමවෙලේම දඟලනවා. ඒක හෙන වටිනවා ඉතින්.

හරි ඉතින් මෙච්චර වෙලා මොකක් ද මේ මු කියන්නේ කියල කාට හරි තේරෙන්නේ නැත්නම් මම මේ කියන්නේ මේ මැලේ රටේ අපිත් එක්ක ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන චයිනිස් සෙට් එක ගැන ගුණ වර්ණනාවක්.

මම ඔය කලින් ලියපු පෝස්ට් එකක ලිව්වනේ අපි කට්ටිය වැඩ කරන්නේ මේසයක් වටේ ඉඳගෙන කියල. ඒ කියන්නේ චීන්නු ටික එක පැත්තක අපි ටික අනිත් පැත්තේ. කෙල්ලෝ ටික දැන් නෑ. තාම ඉතින් ඒ මේසේ වටේ තමයි දවස ගෙවෙන්නේ. අපි හිතුවේ මාසෙන් දෙකෙන් වැඩේ ඉවර වෙලා ටිකක් පිළිවෙලකට ඉන්න ආපහු ඔපිසියට යන්න පුළුවන් වෙයි කියල. මොන සමයං ද මෙයා. මෙහෙ ඉන්නකම් ඉතින් මේ වටමේසේ තමයි. ප්‍රොජෙක්ට් එකේ දෙවෙනි අදියරත් දැන් පටන් අරන් තියෙන්නේ..

ඔය මේසේ වටේ ඉඳන් අපි 4 දෙනාට මුන් ගැන  කතා කරන්න දා ගත්ත ෂෝට් නම් ටික තමයි ඔය චූටි මල්ලි, පොඩි මල්ලි, ලොකු අයියා සහ දොස්තර බාප්පා. පස්සේ පස්සේ අයියා මල්ලි කෑලි හැලිලා "අද පොඩි එකා නෑ වගේ නේද? චූටි එකා නම් ඔය ඉන්නේ.. බාප්පා ඇවිල්ලද? " ආදී වශයෙන් තව දුරටත් කෙටි වුණේ. දොස්තර බාප්පා කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ ඩිරෙක්ටර්. කොම්පනියේත් තද පොරක් ඒ කියන්නේ ප්‍රින්සිපල් රිසර්චර් කියන පට්ටම තමයි පොරට තියෙන්නේ. 

දොස්තර බාප්පා කියල ගරු නම්බු දීල මුලින් කතා කලාට දැන් වෙනකොට ඒක වෙදා වෙලා. 

මර්වින් සිල්වාට වගේ නැතුව වැඩ පෙන්නලා ගත්ත දොස්තර පට්ටමක් තමයි වෙදාට තියෙන්නේ.. කනින් කොනින් ආරංචි වෙන විදියට පොරගේ නමට පේටන්ට් බලපත්‍රම 60ක් විතර තියෙනවලු. අපේ ඔය කොම්පැනිය තනිකරම කරන්නේ මේ රටට අනාගතේදී ඕනේ වෙයි කියල හිතෙන තාක්ෂණික දේවල් ගැන එක එක පරීක්ෂණ කරලා පුළුවන් තරම් පේටන්ට් අයිතිය ගන්න එක. ඉතින් මෙහෙ අලුත් විදියකට  චූ කලත් නිකන් පේටන්ට් එකක් ගන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ

ලොකු එකත් නොකර සද්ද වගේ හිටියට ටිකක් සැර ඩයල් එකක් ද කොහෙද. අවංකවම කියන්න අපි මුන් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඒ තරමට මුන් ටික අපිත් එක්ක තියෙන අන්තර් පුද්ගල සම්බන්ධතාවය පට්ට හොඳයි. උදේට එනවා හවසට යනවා. වැඩ ගැන කතා කරනවා. එච්චරයි. 

එක්කෝ අපිට අවුල් අවුරුද්දක් එකට හිටපු උන් ගැන මෙලෝ පුද්ගලික දෙයක් දන්නේ නැති වෙන්න. නැත්නම් මුන් හෙන මන්ද ජාතියක් මනුස්සයෙක් එක්ක කතා බහ කරලා පොඩ්ඩක් ආතල් එකේ ඉන්න දන්නේ නැති.

අපරාදේ කියන්න බෑ ඔය එහෙට මෙහෙට යනකොට මගදී හම්බ වුනත් හායි, බායි විතරයි. අපි සෙට් වෙලා කතා කරන්න හිතනකොට මුන් ගිහිල්ලත් ඉවරයි. දැන් වෙනකොට අපිත් නිකන් රෝබෝකරණය වෙලා තියෙන්නේ. මුන් එක්කම ඉඳල.

අපි හතර දෙනාට තියෙන එකම ආතල් එක තමයි මුණ බලාගෙන මුන්ට ඕනේ තරම් සිංහලෙන් බනින්න පුළුවන් කම. හිනා වෙලා වැදගත් විදියට ඕනේ එකක් කියන්න පුළුවන්. 

අනිත් අතට මුන් ටිකත් අපි කට්ටියට ෂුවර් එකටම මොනවා හරි නම් ටිකක් දාගෙන ඇති චීන ක්‍රමේට. උදාහරණයක් විදියට මටයි බට්ටි නංගිටයි, අර බඩයි උගේ ගෑනියි වගේ...

කොහොම වුනත් මුන්ට අපේ නම් හරියට කියා ගන්න බෑ. මට කියන්නේ පාතුම් කියල, එතකොට බට්ටි නගාට යෝයා, රෝහිතයට කියන්නේ රෝහිතා කියල.. හෙහ් හෙහ් වෙලාවක අපි ඉන්නේ "ඒයි පොඩි එකෝ "තා" නහි "ත ත" කියන්න. අර අමිතා බච්චන් කියනවා වගේ

හැමෝටම කියන පොදු දෙයක් ඇර අනිත් ඔක්කොම චීන බාසාවෙන් තමා කතාව. චක,නක,බක,ජක, චෑන් චින්, චූන්, පචාන්  වගේ සද්ද තමයි ඉතින් අපිට ඇහෙන්නේ... මොනවා කියනවද කියල ඉතින් චින්නුම තමයි දන්නේ.

කොහොම වුනත් දැන් අපිත් මේ ජිවිතේට පුරුදු වෙලා. මේසයක් වටේ ඉඳන් අහසට පොලොව වගේ ගති ගුණ හැඩරුව තියෙන මිනිස්සු එක්ක සහයෝගෙන් වැඩ කරන්න පුළුවන්. ඒ සහයෝගේ තියෙන්නේ ඉතින් උන්ගේ විදියට අපි වැඩ කරන නිසා... මේ වෙනකොට දැනිච්ච විදියට නම් මුන් අඩුම තරමේ ඔය අපිට කපන කොටන වැඩ නම් කරන්නේ නෑ. උන්ට ඕනේ අපිවත් දියුණු කරලා උන්ගේ වැඩෙත් කරගන්න. කොහොම වුනත් උන් උන්ගේ වැඩේ කරගන්නවා.

කොච්චර උනත් මුන් තුන්දෙනා මේ ප්‍රොජෙක්ට් එකේ සැහෙන බරක් අදිනවා. ඒ කියන්නේ අවංකවම මහන්සි වෙලා වැඩ කරනවා. අපිට බැරි දෙයක් වුනත් "කම් කම් කම්" කියල ළඟට කතා කරලා අපි මොනවා හරි කිව්වම "යූ ලිස්න් ෆස්ට්" කියල සද්දේ දාල කියල දෙනවා.  අපි මොනවා කලත් සද්දේ නිසා හැමෝම දන්නවා අපි වැඩක් කරනවා ඇති කියල.. 

අනිත් වැදගත් ම සීන් එක තමයි මුන් දුවන්නේ සිගරට් දුමේ පවර් එකෙන්. චූටි එකා නම් විටමින් කූරු පාවිච්චියක් නෑ.. ලොකු එකයි, පොඩි එකයි, වෙදයි තනිකර දුවන්නේ දුම්කොළ බලෙන්. සෑම පැයකට වරක් දුමක් අදිනවාමයි.  ඒ අතරේ කෝඩ් අවුලක් හරි, ඩිසයින් අවුලක් හරි, මොකක් හරි ටෙක්නිකල්  ප්‍රශ්නයක් ආපු ගමන් එලියට ගිහින් දුමක් ඇදල එනවා. ගොඩක් වෙලාවට ආපහු එනකොට ප්‍රශ්නේ ගොඩ දාගෙන තමයි එන්නේ. මම හිතන්නේ මුන් හැදිලා තියෙන්නේ නිකොටින් වලට ලේ පොඩ්ඩක් මිශ්‍ර වෙලාද කොහෙද.


ඔය මදැයි ඉතින් මඩ ගැහුවා. මේ නිකන් ඉන්නවට ඔය ඉහත කියපු අයියලා තුන් දෙනාගේ මුණ බල බල ඉන්න ගමන් ලියල දාපු සටහනක්.. උන් හිතන්නේ මම මේ හෙන කෝඩ් එකක් ලියනවා ඇති කියල වෙන්න ඇති.. හෙහ් හෙහ් හෙහ්... 

හරි ඉතින් මඩ ගැසීම අවසානයි. අපේ චූටි මල්ලියටයි, පොඩි මල්ලියටයි,ලොකු අයියටයි, වෙද බාප්පටයි, පතෝල වගේ හිටියට හිත හොඳ මැලේ බුවාටයි චීන දේවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි ආරස්සාවයි.  



24 comments:

  1. හැක යකෝ මං ඉස්සෙල්ලම හිතුවේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ සුරංගනා කතාවක් කියන්න යනවා කියලා, බැලුවම

    සුරංගනා කතාවක් වගේ
    එනමුදු සුරංගනා කතාවක් නම් නොවේ .

    උඹලට දාලා තියෙන නම් ටික අහගන්න් ඕන මැලේරාළයාවත් යවලා

    ReplyDelete
    Replies
    1. මොන සුරංගනා කතාවක්ද බන් .. මම ඔපිස් එක ඇතුලේ ඉඳන් වැඩ කරන අස්සේ අපේ ඔපිස් එකේ ඉන්න චීන්නු සෙට් එක ගැන මේ ලිව්වේ ... හෙහ් හෙහ්

      උන් ගැනත් කවදාහරි මතක් වෙන්න මොනවා හරි ලියන්න ඕනේ නිසා ... වෙන ගත යුත්තක් නෑ .. :D

      Delete
    2. හරි මචන් ජොබ් එක බාර ගත්තා..... අඩ්ඩාන්ස් එකක් දාපන් මගේ එකවුන්ට් එකට

      Delete
  2. කියවගන එද්දි හොල්මන්ද පොල්කොල වෙලා හිටියේ අගදිනේ කාරනේ තේරුණේ.

    ReplyDelete
    Replies
    1. යන්තම් මොනවා හරි තේරුනා නම් ඒ ඇති ... :D මේ දවස් වල බැලු බැලු අත ජාති ආගම් ගැන විවිධාකාර උපදෙස් දෙන දේවල් ලියන නිසා මමත් නිකන් පතෝල වගේ එකක් ලියල දැම්ම .. මගේ ආතල් එක පිණිස .. :)

      Delete
  3. Replies
    1. ඒ හැටි තේරුම් ගන්න දෙයක් නෑ ගයිජින් ... මම මේ අපේ ඔපිස් එකේ අපේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන චීන්නු සෙට් එක ගැන ලිව්වේ .. උන් සෙට් එකේ චරිත ලක්ෂණ .. හෙහ් හෙහ්

      Delete
  4. ඔය ප්‍රොග්‍රැම් වෙද්දුන්ගේ ලේ වල වැඩිපුරම තියෙන්නේ නිකොටින් තමයි හැබැ මාකටින් ගොයියො නම් මොස්තරෙට නිකොටින් නානව හෙක්ස්

    ReplyDelete
    Replies
    1. සිරාවට මුන් දුවන්නේ නිකොටින් පවර් එකෙන් බන්.. මට පෙන්නේ මුන් මේකට ඇබ්බැහි වෙලා තියෙන්නෙත් ලොක්කෝ එක්ක ඉඳල ලකුණු දාගන්න ඕනේ නිසාද කොහෙද.. හෙහ් හෙහ්

      Delete
  5. එක අතකට එහෙම ඉන්නෙක හොඳයි. ලංකාවෙ අපිට ඕනි කාගෙ හරි ඕපදූපයක් හොයන්නනේ. ඒ අපේ පුරුද්ද. ඒත් ඒ මිනිස්සු අනුන්ගෙ දේවල් හොයන්නැතිව තමන්ගෙ පාඩුවේ තමන්ගෙ දේ අකුරට ඉටුකරගෙන ඉන්නවා. රට වෙනුවෙන් එයාලගෙ යුතුකම කරනවා. අපි, අනුන්ගෙ දේවල් හොයන්න කාලෙ නාස්ති කරකර ඉන්නවා. අපෙන් අපිට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. වැඩ කිරීම අතින්නම් මම හිතන්නේ මේ චීන මිනිස්සු අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් ට්‍රේන් කරන්නේ වැඩ කරන්නම තමයි. අනුන්ගේ දේවල් හොයන්නේ නැත්තේ මම හිතන්නේ මුන් අපිව ටිකක් පහත් කරලා සලකන නිසා වෙන්න ඇති... ඔය සරත් අය්යා කියල තියෙන කතාව ඇත්ත කියල අපිටත් දැනිච්ච අවස්ථා තියෙනවා..

      අපේ මිනිස්සුන්ගේ තියෙන හොඳ කම් දැන් දැන් යටපත් වෙලා ගිහින් මෝඩ කම් එලියට එනවා.. :)

      Delete
  6. පැතුම්ට ඔයාලගෙ හැටි දැනගන්න තවත් කාලයක් යයි.. චීන විතරක් නෙවෙයි ඉන්දියන් කාරයොත් එහෙමම තමයි මේ මං එක්ක ඉන්න එකා එක්ක මං අවුරුදු හයක් නොයෙකුත් රටවල ඇවිද්දා. හරි නම් අපි ප්‍රාණ සම බඩියෝ වෙන්න ඕනෙ. මං ඌට මොන තරං සැලකුවත් ඌ ගැන වැඩි තොරතුරු..අන්දෝ සංසාරයක් මං දන්නෙ නෑ. ඒ මේ වර්ගයාගෙ හැටි. එක අතකින් ඒකත් හොඳයි.. අපෙ මිනිසු සබ්බ සකල මනාවම අහගෙන පස්සෙ නැති තැන කොචොක් කරනවානෙ..අඩු ගානෙ මුංට එහෙම කරන්න බෑ. චීන්නු අපි වගෙ කළු හම ඇති උන් සලකන්නෙ පහත් හැටියටයි.. උන් හිතන් ඉන්නෙ ෆුඩ් චේන් එකේ උඩම ඉන්නෙ සුද්දො ඊලඟට උන් කියල අපි මැද අප්‍රිකානුවෝ යටම.
    ගිය සතියෙ අච්චාට ලැපක් බලන්න ඕනෙ කියල මා එක්ක සැම්සුන් සාප්පුවකට ගියා. එක බල්ලෙක්වත් අපි දිහා ගානකට ගත්තෙ නෑ. එකෙක් කිව්වළු ඔය කල්ලො මුකුත් ගන්නෙ නෑ කරදර නොවී හිටිං කියල. මේ බූරුවාට ඕක තේරුණාට ඌ මට කිව්වෙ සාප්පුවෙන් එලියට ඇවිත් පහල තට්‍ටුවටත් ආවාමයි.. නැත්නම් මං අරූට කළු කහ කියල දෙනවා. ඌ කියනවා මගෙ හැටි දන්න නිසාළු ඌ කරබාගෙන ආපහු ආවෙ..

    ReplyDelete
    Replies
    1. මම මේ ලිව්වේ මුන්ගේ තියෙන හොඳ පැත්ත. ඒ කියන්නේ වැඩ කිරීම අතින් අපිට පෙනිච්ච දේවල්. අපිව ගණන් ගන්නේ නැති කම හොඳට දැනිල තියෙන්නේ. හැබැයි ඉතින් අපි කරන්නෙත් අනේ තොපි ඕනේ මඟුලක් කරගනිල්ල කියල මුන්ගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් ගන්න එක තමයි.. කොහොම වුනත් ජිවිතේට හොඳ අත්දැකීමක් මේ මිනිස්සු එක්ක වැඩ කරන එක..

      Delete
  7. හපොයි මාර සෙට් එකක් එක්කනෙ වැඩ කරන්න‍‍ෙ.
    අර නිකොටින් කාරයො ගැන ටුබැකෝ කොම්පැනියක් දැනගත්තොත් උංට බර ගානක් ගෙවල ඇඩ් එකකට ගනී. :D

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මුන් සෙට් එක නම්. රොබෝ ල වගේ තමයි.. සිගරට් බිබී රොබෝලා වගේ වැඩ.. :D

      Delete
  8. ඕවා මොනවද බං...මා එක්ක ඉන්න ලංකාවෙ එකෙක්...මගේ කාර්යාලෙමයි වැඩ...මම ඌට පුලුවන් තරම් හොද කරනවා...මේ රටේ අදුරගන්න හොද මිනිස්සු අදුන්වා දෙනවා...ඒ මොනවා කලත් මිනිහා මට ඕපන් නෑ...කිසිම දෙයක් කියන්නෙ නෑ....හරිම සංවෘත චරියතයක්. ඒ අතින් මම ආශ්‍රය කරන චීන කෙලියො කීප දෙනා බොහොම විවෘතයි. අපේ ඔපීසියෙත් පහළ තට්ටුවේ තැනක දුම්බොන ජනයා අපි වැඩට යන උදෑසනම වැඩ පටන් ගන්නවා...අපි විහිළුවට කියන්නෙ කට්ටිය උදේ කෑම ගන්නවා කියලා. චී්න කොල්ලො විතරක් නෙමෙයි...කෙල්ලොත් දුම් පානයට පුදුම විදියට ඇබ්බැහි වෙලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. දුම් නැත්නම් මුන් සුන්.. හෙහ් හෙහ්.. අපිට වැඩිය කට්ටිය ආශ්‍රය කරන්න සෙට් වෙන්නේ නෑ.. උදේ ඉඳන් හවස් වෙනකම් මේ 3 දෙනාගේ ආතල් බලන එක තමයි කරන්නේ.

      Delete
  9. මට ආසම අර උන්ට උගේ මුණ දිහා බලාගෙන හිනාවෙවී සිංහලෙන් බනින්නකල්ලට තමයි ..... මගෙත් ආසම වැඩේ එක තමයි .... එක කරාට පස්සේ පුදුම සහනයක් දැනේන්නේ අපේ හිතට.... උන්ටත් මොනවා හරි හිතිනවා ඇති මොකද සමහර වෙලාවට උන්ගේ මව් දෙමාපියෝ මතක් කරලා මම සිංහලෙන් බැන්නම ඔකේ අයි ම් නොට් අන්ඩ්ස්ටන්ඩ් බට් එනි වේ තැන්ක්යූ කියාගෙන යනවා :)

    ReplyDelete
    Replies
    1. "මට ආසම අර උන්ට උගේ මුණ දිහා බලාගෙන හිනාවෙවී සිංහලෙන් බනින්නකල්ලට තමයි" මේක තමයි අපිටත් මෙතන වැඩ කරන එකේ තියෙන ආතල් ම සීන් එක..

      උන් ටිකත් ඉතින් අපිට මේ වගේම මඩ ගහනවා. ඇති අපිට තේරෙන එකක් යැ.. :D

      Delete
  10. පැතුම් මම හිතුවේ උඹ කෙටි කතාවක් කියන්න හදනවා කියලා. මේකත් මරු. වැඩකරන සෙට් එකනේ. මම ඉන්න රටේ අයට තියෙන එකම අප්සට් එක උන් කියන හැම දෙයක්ම අපිට තේරෙන එක. උන්ට හැංගිලා තමයි අපි ගැන කියන්න දෙයක් තියෙනවා නම් කියන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අරූ මේ චරිත 3 දාල පොඩි කෙටි කතාවක් ලියන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය මොකක් හරි මගඩි වැඩක් කරන සීන් එකක් තියෙන එකක් තමයි. මොකද මුන් එක්ක ඉන්නකොට කිසිම ගැඹුරු දෙයක් ගැන හැඟීමක් එන්නේ නෑ... ඔලුව වැඩ කරන්නෙම මිකැනිකල් විදියට.. හෙහ් හෙහ්

      අපිට මැලේ වචන නම් ගුග්ල් ට්‍රාන්ස්ලේටර් එකෙන් හරි හොයන්න පුළුවන්. මොකද කියන දේ හිතා ගන්න පුළුවන් හැබැයි මේ මැන්ඩරින් නම් මෙලෝ දෙයක් හිතා ගන්න බෑ..



      Delete
    2. ///මොකද මුන් එක්ක ඉන්නකොට කිසිම ගැඹුරු දෙයක් ගැන හැඟීමක් එන්නේ නෑ... ////
      කොච්චර පහසුවක්ද බං ඒක..

      Delete
  11. මටත් මේ වගේ අයියලා වැඩ කරන තැනක වැඩට යන්න හිතෙනවා අප්පා.

    ReplyDelete
    Replies
    1. Il mondo di una povera pazza, චීන අයියලා හැම කෙනාම මේ වගේ තමයි මම හිතන්නේ.. හෙහ් හෙහ්..පොඩ්ඩක් ඇවිදලා බලන්න හොයා ගන්න පුළුවන් වෙයි මෙහෙම අය ඉන්න තැනක්.. :)

      Delete