Friday, June 01, 2012

ලැප්ටොප් එකේ මීයා පැනීමේ ගැටළුව

ලැප්ටොප් පාවිච්චි කරන ගොඩක් අය මේ ගැටලුවට මූණ දෙනව ඇති..(මම නම් හෙන නෑමක් නෑව).. අපි මොකක් හරි ලිපියක් හරි බ්ලොග් පෝස්ට් එකක් හරි ටයිප් කරනකොට එකපාරටම මවුස් පොයින්ටර් එක අපි බලාපොරොත්තු නොවන තැන් වලට පැනීම තමයි මේ ගැටළුව..  ලියපු ඔක්කොම කෙල වෙලා යන සීන් එහෙමත් මේක නිසා වෙන්න පුළුවන්... වැරදි තැනක් එබුනොත්..

මේකට ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ ලැප්ටොප් එකේ ටච් පෑඩ් එක අපි නොදැනුවත්වම ස්පර්ශ වීම. හැබැයි එහෙම ස්පර්ශනොවී මේ මීයා පැනීමේ ගැටළුව එන වෙලාවලුත් තියෙනවා.. මම පහුගිය දවස් ටිකේ මේක නිසා මහ වදයක් වින්දා.. කරන්නම දෙයක් නැති තැන පොඩ්ඩක් හොයල බලනකොට මම වගේම මේ මී ප්‍රශ්නෙන් පීඩා විඳින අය තව ඉන්නව කියල හොයා ගන්න ලැබුණා.. මේ ප්‍රශ්නේ සමහරවිට මෙහෙයුම් පද්ධතියේ හෝ නැත්නම් හාඩ් වෙයාර් වල ඇති දැනට හඳුනා නොගත් ගැටළුවක් වෙන්නත් පුළුවන් කියල සමහර අය කියල තිබුණා... අර ස්පර්ශයෙන් තොරවම පනින්නේ අන්න ඒ නිසා ලු...

කොහොම හරි මේකට විසඳුමක් විදියට මට මෙන්න මේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ල හොයා ගන්න ලැබුණා.. නොමිලේ බාගෙන දාගන්න විතරයි තියෙන්නෙ.. මීයා අපූරුවට  කීකරු වෙනවා (95% විතර කීකරුයි). මේකෙදි කරන්නේ අපි මොනව හරි ටයිප් කරන වෙලාවට ඔටෝමැටිකලිම ටච් පෑඩ් එක අක්‍රීය කරන එක.  මට නම් සෑහෙන්න ලොකු සහනයක් තියෙනව මේක දාගත්තට පස්සෙ.


11 comments:

  1. මම නම් ටච් පෑඩ් එක පාවිච්චි කරන්නේ බොහොම කලාතුරකින් මීයෙක් තියාගන්න ඉඩක් නැතිනම් විතරයි.. මගෙත් පැය ගණන් කල වැඩ විනාසවෙලා තියෙනවා මීයා පැනිල්ලෙන්..

    ReplyDelete
  2. මමත් වෙනම මීයෙක් තියාගෙන තමා වැඩ කරන්නේ.. හැබැයි ටයිප් කරනකොට මේ ලෙඩේ මල කරදරයක් වෙනවා..

    ReplyDelete
  3. මම ලැප්ටොප් එකත් එක්ක පාවිච්චි කරන්නේ වයර්ලස් මවුසියෙක්. සොෆ්ට්වෙයාර් එකට ස්තූතියි. ට්‍රයි කරලා බලමු.

    ReplyDelete
  4. මීයෙක් ඇති මුත් ලැපක් නැති බැවින් තාම කචල් නැත.

    ReplyDelete
  5. හැම ලැප්ටොප් එකකම touch pad එක ඩිසේබල් කරන්න පුලුවන්.. හරි driver එක දාගන්න.

    ReplyDelete
  6. Terence Arachchi,
    මේ ගැටළුව එන්නේ.. ටයිප් කරනකොට..

    දූපත් වැසියා,
    මීයෙක් ඉන්නව කියන්නේ ලැපක් හම්බවෙන්න තියෙන්න ඕනෙ මූලිකම සුදුසු කමක්නේ ..

    කනිෂ්ක,
    මේකෙන් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඩිසේබල් නොකර ටයිප් කරන වෙලාවට විතරක් ඩිසේබල් කරන එක.. සමහර වෙලාවට ටච් පෑඩ් එක ඕනේ වෙනවනේ මවුස් එක තිබුණට

    ReplyDelete
  7. මගේ නම් මීයා කීකරුයි. ඉන්න කියන තැනම ඉන්නව යස අගේටම...

    ReplyDelete
  8. ටොෂීබා මීයෝ නං ආතල් එකේ ඉන්නවා! මොකද උං ඉන්නේ අයිනෙන් නොවෑ!

    ReplyDelete
  9. වෙලාවට මට නම් ඔය මී කරදරේ මගේ ලැපේ නැහැ. :)

    ReplyDelete
  10. wal miya.. eka thana inne na..:P

    ReplyDelete
  11. මධුරංග,
    ඔයවැනි මීයෙක් ලද ඔබ භාග්‍යවන්තයෙකි.. හික්

    මාධව - மாதவ - Madhawa,
    මීය උනත් ජපන් නේ..

    චන්දික,
    වාසනාවන්ත ලැපක්..

    ඇනෝ, සිරාවටම එක තැනක ඉන්නෙ නෑ නේන්නම්..

    ReplyDelete