Wednesday, October 12, 2011

හෙලිකොප්ටර් එලවීම වනාහී....

       මෝටර් වලට එක එක විදියේ පෙති හයි කර කර උඩයවන්න ට්‍රයි කරන එක හෙන සිරා වැඩේ... උඩ යන එක කොහොම උනත් කැරෙකෙන වෙලාවට එක එක කොල කෑලි,රිජිපෝං කෑලි අල්ලල ඒවා කැඩිල විනාස වෙන හැටි බලන එක නම් මම ඕනේ තරම් කලා...  මොකක් හරි උඩ යවන්න ඉස්සර ඉඳලම තිබ්බේ හෙන ආසාවක්... කඩදාසි රොකට්, අහස් කූරු, ගෑස් බැලුන් ඔය ටික තමා ඉතින් හිත හදා ගන්න කර කර හිටියේ... 

       ඔය විදියට කාලේ ගෙවිල ගිහින් යාන්තම් අවුරුදු 29ක් වෙච්ච කාලේදි... (29ත් වයසක් ද) සිහින වාහනේ වෙච්ච හෙලිකොප්ටරයක් අරගෙන පොඩි ෆන් එකක් ගන්න ඉඩක් ලැබුණා... පොඩි කාලේ දකින හීන කවද හරි හැබෑ වෙනවා... වැඩිම උනොත් අවුරුදු 20-25ක් යයි...  මුලින් ම ගත්ත එක ඉස්සර කාලේ වගේ ඇඩ්වෙන්චර් කරන්න ගිහින් කඩා ගත්තා..(දැන් ගැරේජ් එකේ...)... පස්සෙ අක්කට පොඩි බටර් පාරක් ගාල ගෙන්න ගත්ත එකෙන් තමයි යන්තම් උඩ යවා ගන්න හැටි ඉගෙන ගත්තේ...  

       මේ තියෙන්නෙ ඉන්ඩෝර් ප්‍රැක්ටිස් කරපු ඒවා... කැමරාකරණය බට්ටි නංඟී මහත්මිය වන අතර පයිලට්කරණය බිං කොමාන්ඩර් මමය.... 




කැමරාකරණයේ ඇති සුළු සුළු අඩුපාඩු වලට හේතුව හෙලිකොප්ටරයට ඇති බය(පයිලට් ගැන ඇති විස්වාසය) සහ රෑ 9.30 ට පමණ ඇතිවන අධික නිදිමතය..

මේ තියෙන්නෙ අවුට්ඩෝර් ප්‍රැක්ටිස් කරපුවා... මෙහි සමහර ඒවායේ පයිලට්කරණය සහ කැමරාකරණය බිං කොමාන්ඩර් මං වන අතර සමහර ඒවායේ පයිලට් කරණය අපේ අකුරැස්සේ රත්නපාල අයියාගේ පුතාය..(පුතාගේ නම අමතකය).... කැමරාකරණය මං ය..





පළපුරුදු ඔබගේ වටිනා අදහස් අනාගතයේ හොඳ පයිලට් වරයෙකු බිහි කිරීමට හේතු වේ.....




11 comments:

  1. වහාම සෝරෝ මලයව කොන්සල්ට් කරපං . . . ඌට අම්බානක පලපුරුද්ද තියනව ඔය සබ්ජෙක්ට් එක ගැන

    ReplyDelete
  2. මටනම් ඔය කෙරුවාව බැරුවා.. ලොකු කොලූ දෙකෙන් තුනෙන් අල්ලාගත්තේය... රාත්‍රියට දේවතා එළි වාගේ පෙනේය උඩ යන විට... :-)

    ReplyDelete
  3. Amil
    මචන් පැතුම්... මටත් මේ ගැන පොඩි ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා. මම ebay එකෙන් කැලි ගෙනල්ලා මේ වගේ එකක් සෙට් කොරගන්න බැලුවා. මොකද ගෙඩිය පිටින් ගෙනකොට අපේ කස්ටම් එකෙන් ප්‍රශ්න නේ.. එත් මේ ලගදි මම දැක්කා මාතරත් හැම ලොකු සොපින් සෙන්ටර් හැම එකකම වගේ මේවා විකුනන්න් තියෙනවා. ඉන්ඩොර් යවන පොඩි මිනි එකක් රු 2800ට විතර ගන්න පුළුවන්. හැබැයි තාම 3D ෆ්ලයිට් සපෝට් කරන එකක් නම් මෙහැන් හොයාගන්න්න බැරි උනා.

    හැබැටම මේ අවුට්ඩොර් ෆල්යි කරන හෙලිය කියක් විතර උනාද?

    ReplyDelete
  4. අඩේ 2800ක් වගේ ගානටත් තියේද ඔව්වා..මං හිතුවේ විසි තිස් දහක්වත් ඇති කියලා...

    ආසම වැඩක්... හොයලා බලන්ට ඕන...අනේ ඉතිං ඉස්සර කටුනායක ඉන්නකල් ඔව්වා කැරගෙන හැටියි ඕවායේ ඇංජිං ඇතුලයි බල බල හිටියා මිසක් අපිට දෙනවයෑ ඕවා කරකොවන්ට...

    ඔය වලිගේ කැරකෙන එකේනං අවුල මං හිතන්නේ ටේල් එකේ තියෙන ෆෑන් එකේ ස්පීඩ් එක බැලන්ස් නොවීම... රිමෝට් එකෙන් ඒක වැඩි කරන්න පුළුවන්ද..?

    ReplyDelete
  5. ඕනයා, ඔව් ඌ තමයි මමත් දන්න විදියට ඉන්න එකම පළපුරුදු පයිලට්...

    තිස්ස අයියේ, මමත් සෑහෙන්න ගේමක් දෙනවා තාම... වයසේ වැරැද්ද...

    ඇනෝ, මම ඕක ගෙන්න ගත්තේ තායිලන්තෙන් අක්ක එහෙ ගිය වෙලාවක...ඉන්ඩෝර්,අවුට්ඩෝර් කියල වෙනසක් නෑ ඕකට මට ගියේ රු. 3250

    පොඩි එක ගන්නවනම් රු.1500- 2000 කට විතර ගන්න පුළුවන් එහෙන්... මම දන්න විදියට නම් දැන් කස්ටම් එකේ ප්‍රශ්න නෑ මේවගේ ඒවට...

    මාරයා, දැන් මේවා හෙන ලාබෙට තියෙනවා.. මෙහෙන් ගන්න ගියොත් නම් ටිකක් ගණන් ඔය මගේ ලඟ තියෙන ජාතියෙ එකක් මෙහෙන් ඇහුවා 10,000ක් කිව්වා.. ebay එකෙනුත් ගෙන්න ගන්න පුළුවන් එච්චර ලොකු ගානක් නැතුව..... නැත්නම් ඔය රටයන කාට හරි කියල ගෙන්න ගන්න බලන්න...
    ඔව් ඔව් කැරකැවෙන එක නම් ඒකෙන් හදන්න පුලුවන් රිමෝට් එකෙන් කරන්න පුලුවන්....
    ඉන්ඩෝර් යවන්න හොඳ අර පොඩි එක.. මේකට ටිකක් ඉඩ ඕනේ..

    ReplyDelete
  6. මම ඔය පිංතූරෙට දාන්න ඕනෙ කොමෙන්ට් එක ඔය කතාව ගැන පොඩි හින්ට් එකකුත් එක්ක හෙන්රි ගෙ බ්ලොග් පෝස්ට් එකට කොමෙන්ට් එකක් විදියට දැම්ම.

    ප.ලි.
    මට මතක විදියට ඔය කතාව අ.පේ. ගියා

    ReplyDelete
  7. ඉස්සර නම් ඔවුව තහනම් නේද ? අරයට පින්සිද්ද වෙන්න ඉතින් ඔවුව කළහැකි කාටත්.

    ReplyDelete
  8. මෙන්න තියෙනව චීනයේ නිශ්පාදිත ලාභ හෙලිකොප්ටර් වගයක් ( http://s.dealextreme.com/search/helicopter ). තැපැල් ගාස්තු නෑ, එතකොට බදු ගෙවන්න ඔනත් නෑ (තෑග්ගක් විඩිහට එවන නිසා) . ඕඩර් කරල දවස් 14න් ගෙදර. ඊට පස්සෙ තියෙන්නෙ එක පාරක් ආසාවට උඩ යවල ගලවල බලන එක කොහොමද සිස්ටම් එක කියල :D

    ReplyDelete
  9. අඩේ ඇයි බං අයියේ ඕක ගත්තේ... ‍යවන්න අමාරුයි ඕක..

    මට හෙළිය යවාගන්න බැරි වුනාට යවන්න පුලුවන් මොන වගේ එකක් ද කියලා කියන්න පුලුවන් තත්ත්වයක් තියෙනවා.. :D

    ReplyDelete
  10. @Pathum Herath,
    ඔය වටේට කරකැවෙන එක නම් ලෙඩක් නෙවෙයි. ඔහොම වෙන එක adjust කරගන්න පොඩි Knob එකක් ඇති.(http://blog.electronicinside.com/2011/11/blog-post.html මේ ලිපියේ රිමෝට් එකට අදාල රූපයේ කියල තිබෙන ස්ටිකරයට දකුණෙන් තිබෙන එක) අන්න ඒක සීරු මාරු කරල බලන්න . එක තැනකදී ඔහොම කරකැවෙන එක නතර වෙනවා.

    සෙල්ලම් හෙලිකොප්ටර් වලදී මෝටර් දෙකක් මගින් ෆෑන් යුගල දෙකක් එකක් දක්ෂිණාවර්තවත් අනික වාමාවර්තවත් එකම අවස්ථාවේදී එකම වේගයකින් කරකවනු ලබනවා. එතකොට ඇතිවෙන වායු රික්තකය නිසා හෙලිකොප්ටරය ඉහළට නැංවෙනවා. නමුත් මේ ෆෑන් දෙකෙන් එකක් කරකැවෙන වේගය අඩු වුන ගමන් හෙලිය ඔය වගේ එක අතකට කරකැවෙනවා. ඒ දේ පාලනය කරගන්න බොහොමයක් ඒවායේ Adjustment knob එකක් දක්නට ලැබෙනවා. හරිගියේ නැත්නම් කමෙන්ට් කරන්න.

    ReplyDelete