Saturday, January 23, 2010

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

යුද්ධය විකුණමින් මේ කරන විගඩම් නටනවුනට යුද්ධ ජයග්‍රහණයේ සැබෑ අයිති කරුවන් කවුරුන්දැයි පැහැදිලි කළ අපූරුව... යුධ වීරයකු තුළ තිබිය යුතු සැබෑ විනය කෙසේදැයි මවාපෑමෙන් තොරව හදවතින්ම පෙන්වූ අපූරුව... සිදු වූයේ කුමක් ද යන්න අවංකව පැවසූ අපූරුව... සුදුස්සාට නියම ගෞරවය දෙමින් මහත්මා ගති පෙන්වූ අපූරුව...රට වෙනුවෙන් සේවය කිරීම යන්න කුමක් දැයි පැහැදිලි කළ අපූරුව...

රට වෙනුවෙන් කළ කී දේ නිසාවෙන් රට හැර යාමට සිදුවී ඇති අපූරුව...

හරි තීරණය රට වෙනුවෙන් ගත යුතු වන්නේ මෙවැනි වූ තවත් දස දහස් ගණනක් මිනිසුන්ට උපහාරයක් වෙනුවෙන් මිස කවදාවත් නොලැබෙන ඊනියා පොරොන්දු පත්‍ර නිසා නොවන බව දැන් වත් තේරුම් ගත යුතුය..

දූෂණයෙන් තොර, සුරංගනා ආර්ථිකයක් සහිත, සර්ව සම්පූර්ණ පාලකයන්ගෙන පිරි රටක් ගැන කතා කරන්නට ඉඩ සලසා දුන් මෙවන් මිනිසුන් පාවා දෙමින් කරන මේ විගඩම් කවදා හෝ පලදෙනු ඇත...

තමන් සිටිනුයේ කවර පැත්තේද යන්න තීරණය කිරීම ඔබ සතුය...

මෙවන් මිනිසුන් වෙනුවෙන් අවංකව වැඩ කළ නායකයා වෙනුවෙන් මම සිටිමි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැති තුමනි ඔබට සුභ අනාගතයක්...

5 comments:

  1. ඔබට මෙය මඩක් ලෙස සලකා ඉවත දැමිය හැක. නමුත් මා දන්නා සත්‍ය නම් ඔහු නුදුරේදීම මාතලේ ශ්‍රීලනිප සන්විධායක වන බවය.
    මම මේ සියලු රණවිරුවන්ට ගරු කරමි. නමුත් ඔවුන් සදාචාර සම්පන්න නොවන ලෙස මෙහෙයවන ආණ්ඩුව පිලිකුල් කරමි.

    ReplyDelete
  2. මාතලේ මෝඩයින්ට ද, කට්ටයින්ට ද ඔහු හොඳ පිදුරු ගහක් වෙනු ඇත.

    ලංකාවේ අති මහත් බහුතරයෙන් අඩක් පමණ මේ ආකාරයේ කට්ටයෝය. අනිත් අඩ අමුම අමු මොට්ටයෝය.

    අනේවාසික
    http://anewasika.blogspot.com/

    ReplyDelete
  3. ඉතින් දෙයියනේ කවුරුත් තවම විකුණන්නෙ යුද්ධය නේද? විපක්ෂය විතරක්ද? යුද්ධයට නායකත්වයක් දුන් පමණින් කෘතගුණ සලකන්න කියල නේද මහින්ද මහත්තයා දවස පුරා අදෝනා නගන්නෙ.අනෙක හමුදා නිලධාරීන් දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ඉත්තන් කර ගැනීම යහපත් ආදර්ශයක් නොවේ. හැම තුරුම්පුවක්ම ගහල ඡන්දෙ දිනා ගන්න හදන න්‍යාය රටට දක්වන ආදරයද? රටට ආදරය කරන්නේ තමන් පමණක් යැයි කිසිවෙක් මොරගා කියන්නේ කොහොමද? රට සම්බන්ධයෙන් දේශපාලන‍ පොරොන්දු අමතරව සාර්ථක සංවර්ධන වැඩපිලිවෙලක් තිබේනම් ඇයි කෘතගුණ සලකන්න ඡන්දෙ ඉල්ලන්නෙ. පහත්ම මට්ටමේ ‍බොලඳ වැඩ වලින් පවා ජනතාවට බලපෑම් කරන්නෙ. පොන්සේකා සුදුසු නැතිව ඇති. මමනම් එයා ගැන දන්නෙ නෑ.

    ReplyDelete
  4. malli ekama eka programme ekakinma Gonaata edala wagei...
    mata dukai uba gena...

    kollo,mama 53 division eke front eke fight karapu kollek.. api dannawa wune mokakda kiyala...

    Sarath sir ARMY eke inna kaale aanduwata wiruddawa wachanayak wath qwe ne.. Kade giyeth ne...

    eath apita dukai Silva sir mehema aanduwata kade yana eka gena..

    Ubata MR ma pihitai..
    thawa 8 years walatama rajata deepan.. ape meruno kolloth ubalata shaapa karai...

    ReplyDelete
  5. ඇට මැස්සා වෙත,
    ඔහුගේ දේශපාලන පක්ෂය කුමක් වුවත් ඔහු යුද්ධය ගැන පැවසූ දෙය සත්‍යය යැයි මා විශ්වාස කරන නිසා මම ඔහුට ගරු කරමි..

    අනේවාසික වෙත,
    ලංකාවේ ඔබ ඔය කියන මෝඩ සහ කට්ට මිනිසුන් අතරට ඔබත් මමත් ඇතුලත් බව ඔබට මතක් වූ වාදැයි මා නොදනිමි...

    Anonymous වෙත,
    අපි හැමෝටම යුද්ධයක් නැති රටක් සිහිනයක් විතරක් වෙලා තිබුණ කාලයක් තිබුණ බව ඔබට තාම අමතක නැතුව ඇති...
    ඒක නැති කරන්න ලොකු ලොකු කතා කියල ආපු කට්ටිය කරපු කියපු දේවලුත් අමතක නැතැයි සිතමි. යුධ ජයග්‍රහණයේ යුධමය අයිතිය හිටපු හමුදාපතිවරයා ඇතුළු මෙහි අදහස් දක්වා ඇති අනෙක් Anonymous සහෝදරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලළුම සහෝදර සහෝදරියන්ට එකසේ අයිති බවත්, යුධ ජයග්‍රහණයේ දේශපාලනමය අයිතිය වර්තමාන ජනපති වරයාට පූර්ණ ලෙස අයිති බවත් ඔබට වැටහේ යැයි සිතමි... ලංකාවේ කිසිදු සංවර්ධනයක් පසුගිය සිව්වසර තුළ සිදුවී නැතැයි කවුරුන් හෝ කියන්නේ නම් ඒ හුදෙක් පෞද්ගලික දේශපාලන මතවාද නිසා බවත් පිළිගත යුතුය... එම සංවර්ධන ව්‍යාපෘති 100% නිවැරදිව ක්‍රියාත්මක වූවා යන්න අප කිසිවෙක් පිළි නොගන්නා බවද ඔබට වැටහේ යැයි සිතමි.. 100% නිවැරදි පාලනයක් හා සංවර්ධනයක් ගෙන ඒමට දූෂණ කප්පිත්තන් රැළක් සමඟ එක්වෙමින් මිනිසුන් තුළ බෙදීමක් හා වෛරයක් ඇතිකිරීමට මුල් වූ මිනිසුන්ට වඩා රට එක්සේසත් කිරීමට මුල් වූ මිනිසුන් විශ්වාස කිරීම වඩා සුභදායක බවත්... කවුරු කව්රුත් අන්තිමේදී විකුණන්නේ තම තමන් කළ කී දෑ බවත් ඔබ තේරුම් ගනී යැයි මම සිතමි.

    Anonymous රණවිරුවා වෙත,
    මම ඇන්දේ ගොනාටද වීරයාටද යන්න මට එතරම් වැදගත් නෑ සහෝදරයා... යුද්ධයේ සැබෑ තතු අපට වඩා හොඳට ඔබ දන්නා බව මම දනිමි.. අප දන්නේ ජනතාවගේ හා පවුලේ නාලිකා විසින් අපට ගෙන එන දේ පමණි... ඔබ තුළ ඔය ඇති ගෞරවය අප තුළ ද හිටපු හමුදා වරයා කෙරෙහි අසීමිතව තිබිණි. අපට ඔබ වැනි සියළු රණ විරුවන් සැබෑම වීරයන් වෙලා හිටියා.. අපේ හෝ රටේ අවාසනාවකට දැන් දැන් එම ගෞරවය අප තුළින් ගිලිහෙන එක හිතට දුකයි..

    මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආන්ඩුවට කඩේ ගියා ද නොගියාද යන්නට වඩා යුද්ධය සිදුවූ ආකාරය ඔහු නිවැරදිව විස්තර කළා යැයි සිතීමට මම කැමතියි.. එය එසේ වූවාද නොවූවාද යන්න දන්නේ ඔබ වැනි අයම පමණි...

    ReplyDelete